පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ ප්‍රධාන ගේට්ටුවේ රාත්‍රී රාජකාරීයේ නිරතව සිටි පොලිස් නිලධාරියෙක් වෙඩි වැදීමකින් මිය ගොස් තිබෙනවා.

ඔහු සිය රාජකාරි ගිනි අවියෙන් වෙඩි තබාගෙන සිය දිවි හානිකර ගෙන ඇති බවටයි සැක නෙරෙන්නේ.

එලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 28ක් වන පේරාදෙණිය මුරුතලාව ප්‍රදේශයේ පදිංචිව සිටි පොලිස් කොස්තාපල්වරයෙක්.

ඔහුගේ මෘත දේහය මෙවන විට පානදුර රෝහලේ තැන්පත් කර ඇති බවයි පොලීසිය පැවසුවේ.

ඔහු වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ රාජකාරි සදහා වාර්තා කර ඇත්තේ පසුගිය 15 වනදා සිට බවද පොලිස් ආරංචි මාර්ග පැවසුවා.