Published
පාසල් ප්‍රවාහන සේවා ඇතුළු පොදු ප්‍රවාහන සේවා සියල්ල නියාමනය කිරීමේ වැඩපිළිවෙළ මෙම වසර අවසන් වනවිට ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසනවා.
වාචික පිළිතුරු අපේක්ෂාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා යොමුකල ප්‍රශ්ණයකට පිළිතුරු ලබාදෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.
මේ අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද පෙරවරුවේ පාර්ලිමේන්තුවට පැමිණියා.
ජනාධිපතිවරයා අද පාර්ලිමේන්තුවට පැමිණියේ විෂ මත්ද්‍රව්‍ය තුරන් කිරිම සහ සංවිධානාත්මක අපරාධ මර්දනය කිරිම පිළිබද පාර්ලිමේන්තුව කල් තැබීමේ විවාදයට එක්වීම සදහායි.
එහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ පාතාලය මර්දනය කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවයි.



