මාර්ග ආරක්ෂාව වෙනුවෙන් නව නීති ගණනාවක් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට රජය සූදානම් වනවා.
ඒ අනුව දෙසැම්බර් මස 17වනදා සිට ඔන්ලයින් දඩ ගෙවීමේ ක්‍රමය දිවයින පුරා ක්‍රියාත්මක කිරීමටයි නියමිතව ඇත්තේ.
මාර්ග නීති උල්ලංඝනය කරන රියදුරන්ට දඬුවම් ලකුණු ලබා දීමේ ක්‍රමවේදයක් ද ඉදිරි මාස 09 තුළ හඳුන්වාගෙන බවයි ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසුවේ.
මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම රියදුරන්ගේ පමණක් නොව මගීන්ගේස වගකීමක් වනවා. මේ, ඒ පිළිබඳ විමසා බැලීමක්.
මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සඳහා රියදුරන් පමණක් නොව රටේ සියලු දෙනා කැපවිය යුතු බව ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා.
බස් රථවල රියදුරන් යම් වරදක් සිදු කළ හොත් බස් රථයේ හිමිකරුවන්ටද දඬුවම් පැනවෙන ක්‍රමයක් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බවයි අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසුවේ.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වාහන වායු විමෝචන භාරකාර අරමුදල මගින් ශ්‍රී ලංකා පොලීසියේ රථවාහන කොට්ඨාසයේ නිලධාරීන් වෙනුවෙන් සංවිධාන කර තිබූ වැඩමුළුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
බස් රථවල ගමන් කිරීමේදී සිදුවන අනතුරු අවම කර ගැනීම සඳහා මගීන්ටද වගකීමක් පැවරෙන බව අමාත්‍ය බිමල් රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කළා.




