දකුණු අප්‍රිකාවේ කේප් ටවුන්හි සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 07 දෙනෙකු මියගොස් තිබෙනවා.

එහිදි තවත් පුද්ගලයන් තිදෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙම වෙඩි තැබීම සිදු කළ තුවක්කුකරු වෙඩි ප්‍රහාරය එල්ල කර එම ස්ථානයෙන් පළාගොස් තිබෙනවා.

කප්පම් ලබා ගැනීමේ සිද්ධියක් මුල් කර ගනිමින් මෙම වෙඩි තැබීම සිදුව ඇති බවටයි එරට පොලීසිය සැක පළ කරන්නේ.

සැකකරු සොයා පොලීසිය විසින් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

සංවිධනාත්මක අපරාධ කල්ලි විසින් මෙහෙයවන අපරාධ දකුණු අප්‍රිකාවේ වර්තමානයේදී ඉහළ යමින් පවතින බව විදෙස් මාධ්‍ය පවසන්නේ.