අන්තර්ජාල ව්‍යාපාරයක් මගින් මුදල් උපයා ගත හැකි බව පවසා කාන්තාවන් දෙදෙනෙකු රවටා මුදල් වංචා කළ සැකකරුවෙකු සහ සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, අපරාධ පරීක්‍ෂණ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන වයඹ පළාත් ඒකකය මගින් සිදුකළ විමර්ශනයක් අනුවයි.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 33 හැවිරිදි ගාල්ල ප්‍රදේශයේ පදිංචිකාරිණියක් සහ 36 හැවිරිදි පානදුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන වයඹ පළාත් ඒකකය මගින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.