නෝටන් බි්‍රජ් ප්‍රදේශයට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් විමල සුරේන්ද්‍ර ජලාශය වාන් දැමීම ආරම්භ වී තිබෙනවා.

එම ජලාශය වාන් දැමීමත් සමග කැළණි ගගට ජලය ගලා බසිනා කෙසෙල්ගමු ඔයේ සහ කැළණි ගගේද ජල මට්ටම ඉහළ ගොස් ඇති බවයි නෙත් නිවුස් නියෝජිතයා පැවසුවේ.

මේ අතර ඇද හැළෙන අධික වර්ෂාව හේතුවෙන් රාජාංගණය. දැදුරු ඔය සහ ප්‍රධාන ජලාශ කිහිපයක තවදුරටත් වාන් දොරටු විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවා.