රුපියල් කෝටියක් පමණ වටිනා හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 01 යි ග්‍රෑම් 05 යි මිලි ග්‍රෑම් 50 ක් සහ ජාවාරමෙන් උපයා ගන්නා ලද රුපියල් ලක්ෂය (රු.100000) ක මුදලක් සමග සැකකරුවන් දෙදෙනෙකු ගල්කිස්ස කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා

ගල්කිස්ස කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයේ නිළධාරීන් කණ්ඩායමක් විසින් උපාය දූතයෙකු යොදවා ගල්කිස්ස පොලිස් වසමේ බඩෝවිට III වන අදියරේදී එක් සැකකරු හෑෂ් මත්ද්‍රව්‍ය ජාවාරමට අත් අඩංගුවට ගෙන තිබෙන්නේ

පසුව ඔහු පරීක්ෂා කිරීමේදී ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂයක (රු.100000) මුදලක්ද අත් අඩංගුවට ගන්නා ලදී.

පසුව සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී අවුරුද්දක පමණ කාලයක සිට මෙම මත්ද්‍රව්‍ය ජාවාරම සිදු කරන බවත් විදේශීය රටක සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකකයෙකු වන සකිල යන අයගේ මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කරන බවත් අනාවරණය වී තිබෙනවා.

තවද සිදු කළ ප්‍රශ්න කිරීමේදී මොහු ජාවාරම් සඳහා රැගෙන එන ලද රුපියල් කෝටියක් පමණ වටිනා හැෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 01 ක් නො.20/12,ගාමිණි පටුමග, රත්මලාන ලිපිනයේ කුලි නිවසේදී සොයා ගැනීමට සමත් වී තිබෙනවා

මෙම ජාවාරම සඳහා මොහුට සහය වන දෙවන සැකකරු හෑෂ් ග්‍රෑම් 05 ක් සමග අත් අඩංගුවට ගෙන තිබෙනවා

අත් අඩංගුවට ගත් සැකකරුවන් හා දේපල ගල්කිස්ස පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.

ටී ෂරට බෙදා හැරීමේ මධ්‍යස්ථානයක් ලෙස මෙම ස්ථානය පවත්වා ගෙන යන අතර මත්ද්‍රව්‍ය ඉල්ලුම්කරුවන්ට ටී ෂර්ට් තුල සගවා මෙම මත්ද්‍රව්‍ය බෙදාහරින බවටත් අනාවරණය වූ බවයි පොලිසිය සඳහන් කර සිටියේ.

සැකකරුවන් අද දින ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර රැදවුම් නියෝග ලබා ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සිදු කිරීමට නියමිත බවයි ගල්කිස්ස පොලිස් ස්ථානය සඳහන් කර සිටියේ.