Published
අයවැය කාරක සභා අවස්ථා විවාදය අද 09 වන දිනටත් පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
අද දිනයේ විවාදයට ගැනීමට නියමිතව ඇත්තේ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශයට අයත් වැය ශීර්ෂයි.
මේ අතර, ඊයේ දිනයේ විවාදයට ගැනුණු ප්‍රවාහන, මහා මාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ සහ නිවාස ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍යංශයේ වැය ශීර්ෂ කිහිපයක් සංශෝධන සහිතව සහ තවත් වැය ශීර්ෂ කිහිපයක් සංශෝධන රහිතව සම්මත වුණා.
එම විවාදයට එක්වෙමින් ප්‍රවාහන, මහා මාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා කියා සිටියේ ලබන වසරේ ජුනි මාසයේ සිට මෙට්‍රෝ බස් සේවාව අරම්භ කරන බවයි.




