ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයට එරෙහිව දැඩි අනතුරු ඇඟවීමක්
ඒ, ලොව ප්‍රධානතම තෙල් ප්‍රවාහන මාර්ගයක් වන හොර්මුස් සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන්.
ඉදිරි පැය 48 ක කාලය ඇතුළත හොර්මුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීමට ඉරානය පියවර නොගතහොත්, එරට ඇති සියලුම බලාගාර විනාශ කරන බවටයි අමෙරිකානු ජනාධිපතිවරයා අවධාරණය කර ඇත්තේ.
තම Truth Social ගිණුමෙහි සටහනක් තබමින් ට්‍රම්ප් පවසා ඇත්තේ, මෙම දැවැන්ත ප්‍රහාර මාලාව ඉරානයේ විශාලතම බලාගාරයෙන් ආරම්භ කරන බවයි.
පසුගිය පෙබරවාරි 28 වනදා අමෙරිකාව සහ ඉරානය අතර ඇති වූ ගැටුම්කාරී තත්ත්වය හමුවේ ඉරානය විසින් මෙම මුහුදු මාර්ගය සම්පූර්ණයෙන්ම වසා දැමීමට පියවර ගත්තා.
ලෝක බොරතෙල් සහ ද්‍රව ස්වභාවික වායු අවශ්‍යතාවයෙන් සියයට 20 ක්ම සැපයෙන්නේ මෙම මාර්ගය හරහා බැවින්, මෙය ගෝලීය බලශක්ති අර්බුදයකට ද මඟ පාදා තිබෙනවා.
මසකට නෞකා 3,000 ක් පමණ යාත්‍රා කළ මෙම කලාපය තුළ, ඉරානය එල්ල කරන ප්‍රහාරාත්මක තර්ජන හමුවේ නෞකා ගමනාගමනය මේ වන විට සීඝ්රයෙන් පහත වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
පැය 48 ක කාලසීමාව ගෙවී යාමට පෙර ඉරානය කුමන තීරණයක් ගනු ඇත්ද?
මැදපෙරදිග කලාපය දැවැන්ත යුද ගිනිදැල්වලට හසු වේවිද?
නෙත් නිවුස් අප මේ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවනවා.



