නාවලපිටිය නගර සභාවේ නව සභාපතිවරයා වශයෙන් ස්වාධීන කණ්ඩායම් අංක 02 යටතේ සභාවට තේරිපත් වූ එම නගර සභාවේ හිටපු සභාපතිවරයා ලෙස අමල් ප්‍රියංකර මහතා පත්ව තිබෙනවා.

නාවලපිටිය නගර සභාවේ මංගල සභා රැස්වීම නගර සභා රැස්වීම් ශාලාවේදි අද පැවත්වුණේ මධ්‍යම පළාත් පාලන කොමසාරිස් ඒ එම් කේ පී කේ චමිලා අතපත්තු මහත්මියගේ ප්‍රධානත්වයෙන්.

සභාපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා පැවති විවෘත ඡන්දයේදී ස්වාධීන කණ්ඩායම් අංක 02 යටතේ සභාවට තේරිපත් වූ හිටපු නගරාධිපති අමල් ප්‍රියංකර මහතාට ඡන්ද 09ක් හිමි කර ගත්තා.

ජාතික ජන බලවේගයෙන් සභාපති ධුරයට තරඟ කළ තිලක් අමරිසිරි සිරිසේන මහතාට හිමි වුණේ ඡන්ද 05ක් පමණයි.