ප්‍රධාන පොලිස් පරික්‍ෂකවරුන් 14 දෙනෙකුට සහ පොලිස් පරික්‍ෂකවරුන් 16 දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු ලබා දී තිබෙනවා.

පොලිස්පතිවරයා විසින් එම ස්ථාන මාරු ලබා දී ඇත්තේ ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය පරිදියි. එලෙස ස්ථාන මාරුවීම් ලැබූ නිලධාරින් අතර පොලිස් ස්ථානාධිපති තනතුරු දැරූ 16 දෙනෙකුද වනවා.

එලෙස ස්ථාන මාරුවීම් ලබා දී ඇති පොලිස් ස්ථානාධිපතිවරුන් 11 දෙනෙකු සාමාන්‍ය රාජකාරි සඳහා අනියුක්ත කර තිබීම විශේෂත්වයක්.

එලෙස සාමාන්‍ය රාජකාරි සඳහා අනියුක්ත කර ඇත්තේ ගොවිඳුපුර, කුඩා ඔය, හම්බේගමුව, කවරක්කුලම, මදුරන්කුලිය, කොකාවැව, බෝගමුව, පෙරියනීලාවනී, පුපුරැස්ස, නිට්ටඹුව, හිරණ සහ ගිරානේගම යන පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන් ලෙස කටයුතු කළ නිලධාරීන්වයි.

එම සම්පුර්ණ වාර්තාව පහතින්