ඇමරිකාවේ මිසූරි ප්‍රාන්තයේ කැන්සාස් නගරයට ආසන්නයේ සිදුවූ ගුවන් යානා අනතුරකින් පුද්ගලයන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
එලෙස අනතුරට ලක්ව ඇත්තේ කුඩා ප්‍රමාණයේ පුද්ගලික ගුවන් යානයක්.
අනතුරට ලක්වන අවස්ථාවේදී එම ගුවන් යානයේ පැරෂුට් සංදර්ශන සඳහා පුහුණුව ලබන කණ්ඩායමක් ගමන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.
අනතුර සිදුව ඇත්තේ මිසූරි ප්‍රාන්තයේ බේට්ස් ප්‍රාන්තයට අයත් බට්ලර් මෙමෝරියල් ගුවන් තොටුපළ අසල පිහිටි විවෘත බිමකයි.
මිසූරි ප්‍රාන්ත පොලිසිය තහවුරු කර ඇති අන්දමට, අනතුරෙන් යානයේ ගමන් ගත් සියලුම පුද්ගලයන් එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
යානය කඩා වැටුණු සැනින් විශාල ගින්නක් හටගෙන තිබෙනවා.
ප්‍රදේශයේ ආරක්ෂක අංශ වහා ක්‍රියාත්මක වී ගින්න නිවා දැමීමට කටයුතු කළද යානයේ සිටි කිසිවෙකුගේ ජීවිත බේරා ගැනීමට හැකි වී නැහැ.
මිසූරි පොලිස් බලධාරීන් පවසන්නේ යානය ගුවන්ගතවී සුළු මොහොතකින් අනතුර සිදුව ඇති බවයි.
අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, ඇමරිකානු ජාතික ප්‍රවාහන ආරක්ෂක මණ්ඩලය මේ වන විටත් සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ෂණ ආරම්භ කර තිබෙනවා.
මියගිය පුද්ගලයන්ගේ අනන්‍යතාවය මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නැහැ.




