තමන් ආරම්භ කළ වෘත්තිය ක්‍රියාමාර්ගවලට අමතරව තවත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. ලබන සදුදා පෙරවරු අටට එම වෘත්තිය ක්‍රියාමාර්ගය ආරම්භ කරන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසුවේ.

ඒ අනුව විශේෂඥ වෛද්‍යවරුන් තමන් අනුයුක්ත කරන ලද රෝහල තුළ පමණක් විශේෂඥ සේවා සැපයීම සහ ඉන් පරිබාහිර විශේෂඥ වෛද්‍යවරුන් නොමැති රෝහල්වල සේවාවන් සදහා රාජකාරි ආවරණය කිරීමෙන් ඉවත් වීමට නියමිතයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහත දැක්වේ.