Published
මේ වන විට රට තුළ උත්ගත වී ඇති ව්‍යසනකාරී තත්ත්වයෙන් පීඩාවට පත්වූ අපේම ශ්‍රී ලංකිකයින්ට සහන සැලසීම වෙනුවෙන් මේ වන විට දිනි කිහිපයක් මුළුල්ලේම කොළඹ ඩී.ඇස්.සේනානායක ආදි ශිෂ්‍ය සංගමය සමඟින් ශ්‍රී ලංකා පොලිසිය, ලංකා පෞද්ගලික රෝහල, නෙත් එෆ් එම් " දිරිය නෙත් සහන යාත්‍රා" ක්‍රියාන්විතය සමඟ එක්ව "තමාට පෙර රට - මානුශීය මෙහෙයුම" ක්‍රියාත්මක කරනු ලබනවා.
මෙම මානුශිය ක්‍රියාන්විතයේ සිව්වන දිනය වන හෙට දිනයේදීත් අපි සූදානම් අපේ උපකාර ඇවැසි ශ්‍රී ලාංකික අපේම සෘදයන්ට උපකාර කරන්න.
ඔබ සියලුදෙනාට ආරාධනා කරනවා අද දිනත් ප.ව.5.30සිට අපත් සමඟ එක්වන්න.
අද ප.ව.5.30 පෑලියගොඩ වික්‍රමරත්න සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන ගොඩනැගිල්ලට.
https://share.google/EMTzcF2tYEHPZy2xJ
අපි එකතුවෙමු. තමාට පෙර රට යන්න ලොවටම පසක් කරමු.




