රිමාන්ඩ් කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු සැකකරුවන් 10දෙනා අද තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ, සැකකාර භික්‍ෂූන් වහන්සේ ඇතුළු සැකකරුවන් 10දෙනා ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

එහිදි අධිකරණය නියෝග කළේ එම පිරිස ලබන 28 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධියට අදාළව වෙරළ සංරක්ෂණ පනත උල්ලංඝනය කිරීම සහ අනවසර ඉදිකිරීම්වලට අදාළ පොලීසිය විසින් එම පිරිස පසුගියදා අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණා.

එහිදි අධිකරණය නියෝග කළේ බලංගොඩ කස්සප හිමියන් ඇතුළු සැකකරුවන් දස දෙනා අද දිනය දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි. ඒ අනුව එම පිරිස ත්‍රිකුණාමලය බන්ධනාගාරයේ රදවනු ලැබුවා.