විෂ මත්ද්‍රව්‍ය භාවිත කර රිය ධාවනය කරන රියදුරන් හඳුනා ගැනීමේ නියමු ව්‍යාපෘතියක් අද (18)ආරම්භ වනවා.

කොළඹ රථ වාහන කොට්ඨාසය කේන්ද්‍ර කර ගනිමින් එම නියමු ව්‍යාපෘතිය ආරම්භ කරන බවයි රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර මහතා නෙත් නිවුස් වෙත පැවසුවේ.

ඒ සඳහා නව පරික්ෂණ උපකරණ 100ක් පොලිස් නිලධාරින් වෙත ලබාදී ඇති බවද ඔහු කියා සිටියා.

එමෙන්ම අද දිනයේ විශේෂ මෙහෙයුමක් ද දිවයින පුරා ක්‍රියාත්මක බවයි නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර මහතා වැඩිදුරටත් පැවසුවේ.