අල්ලස් සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කර සිටි නීතීඥ රකිත රාජපක්ෂ, චරිත් අබේසිංහ ඇතුළු සැකකරුවන් තුන්දෙනා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද නියෝග කළා.

ඉකුත් නඩු දිනයේ සැකකරුවන්ගේ නීතිඥවරු විසින් ඇප ඉල්ලීම ඉදිරිපත් කර තිබුණා.

ඒ අනුව එම ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ප්‍රකාශයට පත් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා විසින් මෙම ඇප නියෝගය ප්‍රකාශයට පත් කළා.