බලපත්‍ර නොමැතිව කසල තේ කිලෝ 6,000ක් ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක් හැටන් පොලිසියේ දූෂණ මර්ධන ඒකකයේ නිළධාරින් විසින් සිය භාරයට ගෙන තිබෙනවා.

ආගරපතන ප්‍රදේශයේ සිට හැටන් හරහා කුලියාපිටිය දක්වා එම කසල තේ තොගය ප්‍රවාහනය කරමින් සිට ඇති බවයි පොලීසිය පැවසුවේ.

ලද තොරතුරක් මත සිදුකළ වැටලිමකදී එම ටිපර් රථය හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ෂැනන්වත්ත ප්‍රදේශයේදි පොලිස් නිලධාරීන් විසින් නතර කර එය පරීක්‍ෂා කර තිබෙනවා.

එහිදී අනාවරණ වී ඇත්තේ බලපත්‍රයක් නොමැති එම කසල තේ තොගය ප්‍රවාහනය කරමින් තිබූ බවයි.

ඒ අනුව ටිපර් රථයේ රියදුරා පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.