ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර තරඟය මෙරට වේලාවෙන් අද රාත්‍රී 08.00ට ආරම්භ වීමට නියමිතයි. ‘බී’ කාණ්ඩයේ තරඟයක් වන මෙම තරඟය එම කාණ්ඩය නියෝජනය කරන කණ්ඩායම් තුනක, මෙම තරඟාවලිය තුළ ඉරණම විසඳන තරඟයක් බවට පත්ව තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර අද පැවැත්වෙන තරඟය ශ්‍රී ලංකා කණ්ඩායම ජයගතහොත් ගැටලුවකින් තොරව සුපිරි හතර දෙනාගේ වටයට පිවිසීමට ශ්‍රී ලංකාවට හැකි වනවා.