මොරටුව, සොයිසාපුර ප්‍රදේශයේදී සිදුවූ වෙඩි හැබීමෙන් තුවාල ලැබූ අවන්හල්  හිමිකරු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඔහු ඊයේ රාත්‍රි 8.20 ට පමණ වෙඩි ප්‍රහාරයට ලක්ව තිබුණේ අවන්හල තුළ සිටියදීයි.

එහිදී බරපතල තුවාල ලැබූ එම අවන්හල් හිමියා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත්  කිරීමෙන් පසු  ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඔහුට වෙඩි තබා පලාගොස් ඇත්තේ මෝටර් රථයකින් පැමිණි පිරිසක් බවට අනාවරණ වී ඇති බවයි පොලීසිය පැවසුවේ.

ඒ අනුව සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.