අද (24) උදැසන හයෙන් අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය වන මිලිමීටර් 124.40ක් ගාල්ල, නාගොඩ ප්‍රදේශයෙන් වාර්තා වන බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසනවා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ දත්තවලට අනුව එම කාලය තුළ ඇල්පිටිය ප්‍රදේශයෙන් මිලිමීටර් 122.40 ක්ද මොරවක ප්‍රදේශයෙන් මිලිමීටර් 122.40 ක් සහ බෙංගමුව ප්‍රදේශයෙන් 121 ක් ද වාර්තා වන බවයි එම මධ්‍යස්ථානය පැවසුවේ.

මේ අතර බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පලාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව පැවසුවා.

ඒ අනුව ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැක බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ.