පසුගිය මහ කන්නයේදී වගා හානි සිදු වූ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවීන් සඳහා වන්දි ගෙවීම කඩිනම් කර ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසනවා. ඒ අනුව වගා හානි සිදු වූ ගොවීන් විශාල පිරිසකට දැනටමත් වන්දි ගෙවා අවසන් බවයි එම මණ්ඩලය පවසන්නේ. වන්දි ගෙවීමට ඉතිරි වී සිටින ගොවීන්ට අදාල වන්දි මුදල් පිරිනැමීම අද දිනයේ පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදු කිරීමට නියමිතයි. ඒ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන්. ගොවීන් 365කට ආසන්න පිරිසකට රුපියල් මිලියන 12කට ආසන්න මුදලක් එලෙස පිරිනැමීමට නියමිතව තිබෙනවා. ඒ අනුව 2024/2025 මහ කන්නයේදී වගා හානි වූ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ අක්කර 6,150කට ආසන්න ප්‍රමාණයකට අදාලව ගොවීන් 3,422 දෙදෙනෙකු සඳහා ගෙවා ඇති සමස්ත වගා හානි රක්ෂණ මුදල රුපියල් මිලියන 82කට ආසන්න වන බවයි කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කළේ.
Published