සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු මෙන්ම ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වන රාජපක්ෂ පතිරණලාගේ ප්‍රභාත් මධුසංඛ නොහොත් මිදිගම චූටි අද අලුයම ඕමානයේ සිට දිවයිනට රැගෙනවිත් තිබෙනවා.

ඒ, විශේෂ පොලිස් නිලධාරී කණ්ඩායමක් විසින්.

මිනීමැරුම්, මංකොල්ලකෑම්, ගිනි අවි සන්තකයෙහි තබා ගැනීම, මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු චෝදනා රැසකට ඔහු මෙරට අධිකරණ කිහිපයකදීම චෝදනාවට ලක්ව තිබෙනවා.

මිදිගම චූටි අත්අඩංගුවට ගැනීම සදහා ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ විසින් ජාත්‍යන්තර රතු නිවේද නිකුත් කර තිබුණා.

ඒ අනුව ඔහු ඕමානයේ සුපිරි හෝටලයක රැදී සිටියදී එරට ආරක්ෂක අංශ විසින් අත් අඩංගුවට ගෙන තිබූ බවයි පොලීසිය පැවසුවේ.

එහිදී අත්අඩංගුවට ගත් මිදිගම චූටි අද අලුයම ඕමානයේ මස්කට් නුවර සිට දිවයිනට රැගෙන එනු ලැබුවා.

කටුනායක ගුවන් තොටුපොලේදී මිදිගම චූටිගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානය වෙත දැඩි රැකවරණ මධ්‍යයයේ රැගෙන යාමට නියමිතව තිබෙනවා.