කැළණිය සහ වනවාස දුම්රිය ස්ථාන අතරදී අද අළුයම දුම්රිය අනතුර සිදුවූ මාර්ගයේ ඇණ ගැලවීමේ සිද්ධියට අදාළව සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, පෑලියගොඩ පොලිස් ස්ථානයේ නිලධාරින් කණ්ඩායමක් විසින්.
ගලවන ලද ඇණ එම පුද්ගලයා විසින් වෙනත් ස්ථානයකට ප්‍රවාහනය කර ඇති බවටයි පොලීසිය සැක පළ කරන්නේ.
ඔහු දැඩි ලෙස මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූවෙකු බවටද අනාවරණ වී තිබෙනවා.
දුම්රිය මාර්ගයේ ඇණ ගැලවීමේ සිද්ධියට අදාළව තවත් පුද්ගලයෙකු හදුනා ගෙන ඇති බවද පොලීසිය පැවසුවා.
ඒ අනුව ඔහු ද අත්අඩංගුවට ගැනීමට පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.
කැළණිය සහ වනවාසල දුම්රිය ස්ථාන අතරදි මාර්ගයේ ඇණ ගැලවීම හේතුවෙන් පොල්ගහවෙල සිට කළුතර බලා ධාවනය වූ දුම්රියක් අද අළුයම 5.40 ට පමණ අනතුරට ලක් වුණා.
ඒ අනුව එම දුම්රිය පීලි පැනීමකට ලක්ව එක් මැදිරියක් පෙරළී ගොස් තිබුණා.
එම අනතුරෙන් දුම්රිය ගමන් ගත් මගීන් දස දෙනෙකු ද තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බවයි පොලීසිය පැවසුවේ.
දුම්රිය මාර්ගයේ ඇණ ගලවා තිබීම හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුව විසින් පොලීසිය වෙත පැමිණිල්ලක්ද සිදු කළා.
ඒ අනුවයි පොලිස් විමර්ශන ආරම්භ වුණේ.
සිද්ධිය සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවෙන් ද විශේෂ විමර්ශනයක් ක්‍රියාත්මකයි.




