Published
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය මධ්‍යස්ථාන 2,767කදී අද පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. මෙවර දරුවන් තුන් ලක්ෂ 7,959 දෙනෙකු විභාගයට පෙනී සිටීමට නියමිතයි. එම සියලු දරුවන් පෙරවරු 08: 30 වන විට සිය විභාග මධ්‍යස්ථානයට පැමිණිය යුතු බව නෙත් නිවුස් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග සංවිධාන සහ ප්‍රතිඵල නියෝජ්‍ය විභාග කොමසාරිස් අසංක ජයතිලක මහතා පැවසුවා. විභාගයට පෙනී සිටින දරුවන් විභාග මධ්‍යස්ථානයට රැගෙන ආ යුත්තේ දේ සම්බන්ධයෙන්ද එහිදී අදහස් පළ වුණා.
පිළිතුරු සැපයිය යුත්තේ පැන්සලෙන්ද? පෑනෙන්ද? විභාග මධ්‍යස්ථාන වෙත දරුවන් රැගෙන එන දෙමාපියන්ටද මෙහිදී උපදෙසක් ලබා දුන්නා. සියලු විභාග මධ්‍යස්ථාන ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක බවයි මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණේ.