විවිධ අපරාධ සම්බන්ධයෙන් රතු වරෙන්තු නිකුත් කරන ලද අපරාධවලට සම්බන්ධ 40 දෙනෙකුගෙන් 18 දෙනෙකු මෙම වසරේදී මෙරටට රැගෙන ඒමට හැකි වී ඇතැයි පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ. වුට්ලර් මහතා සඳහන් කළේ විවිධ අපරාධවලට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා තවදුරටත් අඛණ්ඩ මෙහෙයුම් සිදු කරමින් ඇති බවයි.

මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති ගිනි අවි සහ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා තොරතුරු අනාවරණ කළා.