සිකුරාදා උදේ ශ්‍රී ලංකාවේ මාලදිවයින් තානාපතිතුමා නෙලුම් මාවතට අවා නාමල් රාජපක්ෂ හමුවෙන්න.

ඉතින් එතන සාගර කාරියවසම්, සංජීව එදිරිමාන්න ඇතුලු පක්ෂ ප්‍රධානීන් කිපදෙනෙකුත් ඒ අවස්ථාවට සහභාගී වි තිබෙන බවයි අපිට දැනගන්න ලැබුනේ.

නාමල් බොහොම චතුර ලෙස ඉංග්‍රීසි භාෂාවෙන් කතා කරමින් සාකච්ඡාවට මුලපිරු බවට තමයි අපිට දැනගන්න ලැබුනේ.

නාමල්ට ප්‍රතිචාර දැක්වූ මාලදිවයින් තානාපති මසූඩ් ඉමාඩ් ඊට පස්සෙ කියපු කතාවෙන් හැමෝම පුදුම උණා.

මට හොදට සිංහල පුලුවන් ඕනි නම් අපි සිංහලෙන් කතා කරමු.

හරිම හොදයි එහෙනම් අපි සිංහලෙන් කතා කරමු.

නාමල් තානපතිතුමාට කිව්වා.

එතකොට ඔබතුමා ඉගෙන ගත්තෙ කොහෙන්ද? එහෙම ඇහුවෙ සාගර කාරියවසම්.

මම පේරාදෙණියෙ ශිෂ්‍යයෙක්.

මාලදිවයින් තානාපතිතුමා කතා කරපු කාරණා වගේම ඔහුගේ සිංහල භාෂා ප්‍රවීණත්වය ගැනත් නාමල් ස්තුතී පූර්වකව කතා කලා.