ගල්කිස්ස, අරලිය නිවාස ප්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකුට තියුණු ආයුධවලින් පහරදී එක් පුද්ගලයෙකු ඝාතනය කර අනෙක් පුද්ගලයාට බරපතල තුවාල සිදු කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකාරියන් දෙදෙනෙකු හා සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ගල්කිස්ස පොලීසියේ නිලධාරින් විසින් මොරටුව දුම්රියපොල අසලදීයි. අත්අඩංගුවට ගත් සැකකාරියන් සහ සැකකරුවන් සිව්දෙනා රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලීසිය පැවසුවේ. සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලීසිය මගින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.