මෙරට මත්ද්‍රව්‍ය ජාලය සහ දේශපාලන සබඳතා සම්බන්ධයෙන් කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් අද කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගෙන් ප්‍රශ්න කළා.
එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ අදාල සිදුවීම සම්බන්ධයෙන් ද පුළුල් පරීක්ෂණ ක්‍රියාත්මක වෙමින් ඇති බවයි.
මේ වන විට තොරතුරු අනාවරණය වෙමින් ඇති සම්පත් මනම්පේරි නැමැත්තාගේ දේශපාලන සබඳතා පිළිබඳව ද මෙහිදී අදහස් පළ වුණා.
සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙකු වූ කෙසෙල්බද්දර පද්මේ නැමැත්තාට අයත් බව කියන මිද්දෙණියේදී හසුවූ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍ය අඩංගු බහාලුම් දෙක රේගුවෙන් නිදහස් කළේ කෙසේදැයි මාධ්‍යවේදීන් මෙහිදී ප්‍රශ්න කළා.
මේ අතර කැපකරු මාපිය රැකවරණය සඳහා නව නීතියක් හඳුන්වා දීම පිණිස පනත් කෙටුම්පතක් සකස් කිරීමට නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම සඳහාත් 2026 මුදල් වර්ෂය සඳහා වූ විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.


