අනුරාධපුර ශික්ෂණ රෝහලේ පුහුණු විශේෂඥ වෛද්‍යවරියක බරපතල ලෙස දූෂණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විවෘත අධිකරණයේදී යළිත් ප්‍රකාශයක් කිරීමට අවසර ලබා දෙන්නැයි සැකකාර හිටපු යුධ හමුදා සෙබළා අධිකරණයෙන් කල ඉල්ලීමක් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඒ, ඊට අදාළ නඩුව අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද යළි කැඳවූ අවස්ථාවේදීයි.

එහිදී අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා විසින් සැකකාර හිටපු යුධ හමුදා සෙබළා අධිකරණයෙන් කල ඉල්ලීමක් තරයේ ප්‍රතික්ෂේප කළා.

අනුරාධපුර පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයේ උප පොලිස් පරික්ෂක ඒ.සී. දයානන්ද මහතා පැවසුවේ වින්දිත වෛද්‍යවරියට අපහාස කර ඇය අපහසුතාවයට පත් කිරීමේ අරමුණින් අධිකරණය යොදා ගෙන විවිධ අසත්‍ය ප්‍රකාශ සිදු කිරීමට සැකකරු සැලසුම් සහගතව උත්සාහ දරමින් සිටින බවයි.