ඇෆ්ගනිස්ථානයේ තලේබාන් හමුදා සංවිධානය විසින් පාකිස්තයට අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.
ඒ කාබුල් නගරයට පාකිස්ථාන හමුදාව විසින් එල්ල කළ ගුවන් ප්‍රහාර හේතුවෙන්. එම ප්‍රහාරවලට පළිගැනීමක් ලෙස, තලේබාන් හමුදා දේශසීමාවේ විවිධ ප්‍රදේශවල පකිස්ථාන ආරක්ෂක හමුදාවන්ට එරෙහිව ප්‍රහාර එල්ල කර තිබෙනවා.
තලේබාන් ආරක්ෂක අමාත්‍යාංශය පැවසුයේ සාර්ථක මෙහෙයුම් අවසන් වූ බවයි.
කෙසේවෙතත් පකිස්ථානය සහ ඇෆ්ගනිස්ථානය අතර දේශසීමාවේ පිහිටා ඇති කුනාර්, නන්ගර්හාර්, පක්ටියා, කොස්ට් සහ හෙල්මන්ඩ් පළාත්වල තලේබාන් නිලධාරීන් තහවුරු කළේ ගැටුම් දිගටම පවතින බවයි.
එම ප්‍රහාරයට පකිස්ථාන හමුදා දැඩි වෙඩි ප්‍රහාරයකින් ප්‍රතිචාර දැක්වූ අතර පුපුරණ ද්‍රව්‍ය රැගෙන යන බවට සැක කෙරෙන ඇෆ්ගන් ක්වාඩ්කොප්ටර් තුනක් වෙඩි තබා බිම හෙලා තිබෙනවා.
තලේබාන් පාලනය කරන ආරක්ෂක අමාත්‍යාංශය, ප්‍රහාරය සම්බන්ධයෙන් පාකිස්තානයට දොස් පැවරූ අතර, තම අසල්වැසියා තම ස්වෛරීභාවය උල්ලංඝනය කළ බවට චෝදනා කළ බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.
තවද ඔහු අනතුරු අඟවමින් සඳහන් කර සිටියේ විරුද්ධ පාර්ශ්වය නැවතත් ඇෆ්ගනිස්ථාන භූමිය උල්ලංඝනය කළහොත්, සිය සන්නද්ධ හමුදා ඔවුන්ගේ භූමිය ආරක්ෂා කිරීමට සූදානම් වන බවත් දැඩි ලෙස ප්‍රතිචාර දක්වනු ඇති බවයි.
මෙම ප්‍රහාර සම්බන්ධයෙන් ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි තම රටේ අසල්වැසියන්ගෙන් ඉල්ලා සිටියේ සංයමයෙන් කටයුතු කරන ලෙසයි.
මෑත මාසවලදී, ඇෆ්ගනිස්ථානයට මායිම්ව පිහිටි කඳුකර ප්‍රදේශවල පකිස්ථාන ආරක්ෂක හමුදාවන්ට එරෙහිව ඔඔඡ සටන්කාමීන් ඔවුන්ගේ ප්‍රහාර තීව්ර කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.