Published
පානදුර, වලාන ගැමුණු මාවතේ නිවසක පුද්ගලයෙකුට අද උදෑසන වෙඩි තැබීමට දැරූ උත්සහයක් ව්‍යර්ථ වී තිබෙනවා.
පොලීසිය පැවසුවේ යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් එම වෙඩි තැබීම සිදු කිරීමට උත්සහ දරා ඇති බවයි.
එහෙත් එම පුද්ගලයන් සතුව තිබූ ගිනි අවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් වෙඩි තැබීමේ උත්සහය ව්‍යර්ථ වී ඇති බව පොලීසිය පැවසුවා.
ගිනි අවිය ක්‍රියාත්මක නොවීමත් සමග අදාළ පුද්ගලයින් දෙදෙනා යතුරුපැදියෙන් පළා ගොස් ඇති බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.