රජරට විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් අද විරොධතාවක් හා සංකේත වැඩවර්ජනයක් පවත්වනු ලැබුවා. ඒ, වසරකට ආසන්න කාලයක සිට රජරට විශ්වවිද්‍යාලයට උපකුලපතිවරයෙක් නොමැතිවීම මුල්කරගනිමින්. මේ හේතුවෙන් විශ්වවිද්‍යාලයේ සුබ සාධන කටයුතු මෙන්ම සිසුන්ගේ අධ්‍යාපන අවශ්‍යතා, අධ්‍යන පර්යේෂණ හා අධ්‍යාපන කටයුතු නිසි ලෙස සිදු නොවන බවටයි ඔවුන් චෝදනා කළේ. එම විරෝධතාවට ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලන හා රජරට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය නියෝජනය කරමින් ආචාර්යවරු එක්ව සිටි බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.