එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය හේතුවෙන් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර තිබෙනවා.
ඒ, කොළඹ තරග පැවැත්වෙන දිනවලට අදාලවයි.
ඒ අනුව රථවාහන අවහිරතා ඇතිවිය හැකි මාර්ග සම්බන්ධයෙන් පොලීසිය අද නිවේදනයක් නිකුත් කළා.
එම මාර්ග වන්නේ ප්‍රදීපා මාවත, සද්ධර්ම මාවත, ජයන්ත වීරසේකර මාවත, බෙත්තාරාම මාවත, අඩි 100 පාර, බෝධිරාජ මාවත, වින්සන්ට් පෙරේරා මාවත සහ බි්රටෝ බාබාපුල්ලේ මාර්ගයයි.
මෙම රථවාහන සැලැස්ම ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත්තේ ජනවාරි 22,24 සහ 27 යන දිනවල බවයි පොලීසිය නිවේදනය කළේ.
එම තරග පැවැත්වෙන දිනයන් හිදී අදාල මාර්ගයන්හි ඇති විය හැකි රථවාහන අවහිරතාවය අවම කර ගැනීම සඳහා දහවල් 12.00 සිට තරග අවසන් වන තෙක් එම මාර්ග භාවිතා කරන රියදුරන් හා මහජනතාවට විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය දන්වා සිටිනවා.
මෙම මාර්ග වැසීම හෝ ගමනාගමනය සීමා කිරීමක් සිදු නොකරන අතර, සාමාන්‍ය පරිදි ගමනාගමනය සඳහා අවස්ථාව සලසා දෙන බවයි කොළඹ රථවාහන කොට්ඨාසය පැවසුවේ.




