ප්‍රශ්නවලින් නිදහස් වෙන්න, නිදහසේ ඉන්න වෙලාවට අපි අහන සින්දු ගැන දැන් ප්‍රශ්නයක්.

ඒ, සින්දුවල අයිතිය කාටදැයි තීරණය කර ගැනීමට නොහැකිවයි.

 

 

ඒ සින්දුවේ අයිතිය කාගෙද? අසන්නන් විදිහට අපි සින්දු ඇහුවත් ඒ සින්දුව අයිති කාටද? සින්දුවෙන් ප්‍රතිලාභ ලබන්නේ කවුද? මේ කිසිවක් අපි සොයන්නේ නැහැ.

ඒත් දැන් සින්දුවල අයිතිය ගැන ප්‍රශ්නයක් ඇවිත්.

ඒ, ප්‍රවීණ සංගීතඥ රෝහණ වීරසිංහ. ඔහු නම් කියන්නේ ගීතයක කර්තෘ හිමිකම සම්බන්ධයෙන් වර්තමානයේ බොහෝ මතවාද පැන නැගී ඇතත්, මූලික වශයෙන් ගීතයක කර්තෘ හිමිකම් සතු වන්නේ එහි පද රචකයාට සහ සංගීතඥායට බවයි.

ප්‍රවීණ සංගීත සහ ගායන ශිල්පී රූකාන්ත ගුණතිලක ද මෙම ගැටලුව පිළිබඳ අදහස් පළ කළා.

සංගීත කෘති වාණිජ අරමුණින් යොදාගන්නා ඕනෑම ප්‍රසංශාත්මක කාර්යයක දී, ගි පද රචකයන්ට සහ සංගීතඥයන්ට හිමි කර්තෘ භාග මුදල් ගෙවා අදාළ බලපත්‍රය ලබා ගැනීම ප්‍රසංග සංවිධායකවරුන් වෙත පැවරෙන වගකීමක් බවයි මෙහිදී ප්‍රකාශ වුණේ.