ආපදා හේතුවෙන් බලපෑමට ලක්වූ ජනතාවට සහන සැලසීමේ අරමුණින් නෙත් එෆ් එම් රේඩියෝව ආරම්භ කළ “දිරිය නෙත්” වැඩසටහනේ තවත් අදියරක් ක්‍රියාත්මක වුණා.

ඒ යටතේ ආපදාවට ලක් වූ උඩුදුම්බර ජනතාවට අවශ්‍ය පානීය ජල බෝතල්, වියළි ආහාර ඇතුළු සනීපාරක්ෂක ද්‍රව්‍ය බෙදාදීම සිදු කරනු ලැබුවේ රන්ටැබේ ජාතික ශිෂ්‍යභට බලකා මූලස්ථානයේදීයි.

ඒ පිළිබද තොරතුරු නෙත් විශේෂ නියෝජිත උපුල්සිංහ පතිරණගෙන්.

“දිරිය නෙත්” වැඩසටහන සම්බන්ධයෙන් රන්ටැබේ ජාතික ශිෂ්‍යභට බලකා මූලස්ථානයේ සේනාවිධායක කර්නල් අමිල ලියනගේ මහතා මෙලෙස අදහස් දැක්වූවා.