Published
ඇහැළියගොඩ, කිරිඇල්ල මාර්ගයේ දන්දෙණිය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.
යතුරුපැදියක් සහ ත්‍රීරෝද රථයක් එකිනෙක ගැටීමෙන් එම අනතුර සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ.
අනතුරෙන් ත්‍රීරෝද රථයේ ගමන්ගත් රියදුරු සහ යතුරුපැදියේ ගමන්ගත් පුද්ගලයින් දෙදෙනා රත්නපුර රෝහලට ඇතුළත් කර තිබෙනවා.
එහිදී ත්‍රීරෝද රථ රියදුරු මියගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ.
ඔහු ඇහැළියගොඩ පහළගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වනවා.