Published
පහළ කඩුගන්නාව ප්‍රදේශයේ වෙළඳසැලක් මතට පස් කඳු කඩා වැටීමෙන් එක් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා
ගනේතැන්න ප්‍රදේශයේ නුවර-කොළඹ ප්‍රධාන මාර්ගය අසල පිහිටි වෙළඳසැලක් මතට අද උදෑසන මෙම පස් කඳු කඩා වැටීම සිදුව තිබුණි.
සිව්දෙනෙකු මුදාගෙන මාවනැල්ල රෝහලට ඇතුළත් කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කර සිටියේ.
මෙම අනතුරින් එම වෙළඳසැලෙහි සිටි කිහිප දෙනෙකු සුන්බුන් තුළ සිරවී සිටින බවත් ඔවුන් මුදා ගැනීම සඳහා මේ වනවිට මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ
අනතුර වන විට එම වෙළඳසැලින් කෙටි ආහාර ගැනීම සඳහා වෑන් රථ දෙකකින් සහ මෝටර් රථයකින් පිරිසක් පැමිණ ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය පවසන්නේ
මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ රථ වාහන ධාවනය එක් මංතීරුවකට සීමා වී තිබේ.



