පවතින අයහපත් කාලගුණ තත්ත්නය හමුවේ මහවැලි ගඟ, දැදුරු ඔය, මහ ඔය, කලා ඔය, සහ මැණික් ගඟ යන ගංඟා ගංවතුර අවදානමක පවතින බැවින් එම ගංඟා දෙපස පහත් බිම් ප්‍රදේශවල ජීවත් වන පදිංචිකරුවන්ට ආරක්ෂිත ස්ථාන කරා ඉවත් වන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
මේ අතර, කැළණි ගඟ දෙපස පහත් බිම් ප්‍රදේශවල ජීවත් වන පදිංචිකරුවන්ටද ඇති විය හැකි ගංවතුර තත්ත්වය හේතුවෙන් ආරක්ෂිත ස්ථාන කරා ඉවත් වන ලෙසයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම්දෙන්නේ.
මේ අතර, මල්වතු ඔය ද්‍රෝණිය සඳහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයද ඉදිරි පැය 48 දක්වා එලෙසම බලපැවැත්වෙන බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
එබැවින් එම ප්‍රදේශවල පදිංචි මහජනතාව දැඩි විමසිල්ලෙන් පසුවන ලෙසත් ආරක්ෂාකාරීවීමට කටයුතු කරන ලෙසත් දැනුම් දෙනවා.
ගංගා හා ජලාශ ආශ්‍රිතව මේ වන විට පවතින අවදානම සම්බන්ධයෙන් නෙත් නිවුස් වෙත වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වාරි මාර්ග අධ්‍යක්ෂක ජල කළමනාකරණ ඉංජිනේරු එච් එම් පී එස් ඩී හේරත් මහතා මෙලෙස අදහස් පළකළා.
මේ වැඩිදුරටත් අදහස් දැක්වූ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වාරි මාර්ග අධ්‍යක්ෂක ජල කළමනාකරණ ඉංජිනේරු එච් එම් පී එස් ඩී හේරත් මහතා.
පවතින ආපදා තත්ත්වය සම්බන්ධයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා මෙලෙස අදහස් පළ කළා.




