මාධ්‍ය ක්ෂේත්‍රය තුළ සාර්ථකව කටයුතු කරන ආකාරය පාසල් වියේ සිටම ප්‍රායෝගිකව අත්දකින්න අවස්ථාව සලසා දීම සඳහා නෙත් නිවුස් ඇරඹූ පාසල් සිසුන් ද එක්කර ගනිමින් ප්‍රවෘත්ති ප්‍රකාශය සජීවීව ඉදිරිපත් කිරීමේ දෙවන දිනය අදයි.
ඒ සඳහා අද මැදිරියට පැමිණ සිටින්නේ කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ ඉගෙනුම ලබන සේමිත පසන්දුල් කනකරත්න සිසුවායි.
ප්‍රවෘත්ති නිවැරදිව සකස් කිරීම, ඒ සඳහා සූදානම් වීම, ශ්‍රාවකයින්ට නිසි ලෙස ග්‍රහණය වන පරිදි ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම ඇතුළු ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයන් ජනතාවට සමීප කරවන සම්පූර්ණ ක්‍රියාවලියේ අත්දැකීම ප්‍රායෝගිකව ලබාදීම ද මෙහිදී සිදු වනවා.
මෙරට රේඩියෝ ඉතිහාසයේ නැවුම් පිටුවක් පෙරලන මෙම අත්දැකීම ඊයේ සිට සෑම සති අන්තයකම උදෑසන 06.25 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය හරහා ඔබ වෙත තිළිණ කිරීමට නෙත් නිවුස් සූදානම්.
ඒ අනුව ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමට හැකියාව ඇති පාසල් සිසුන්ට ඉදිරි සති අන්තවලදීත් නෙත් නිවුස් මැදිරියට පැමිණ ඊට ඉදිරිපත් විය හැකි වනවා.
ඒ සඳහා එම සිසුන් ප්‍රවෘත්තියක් ඉදිරිපත් කරන සිය හඬපටයක් 0 710 94 8 94 8 අංකයට වට්ස්ඇප් කළ යුතු වනවා.
එම වට්ස්ඇප් අංකය නැවතත්, 0 710 94 8 94 8.