සිය සිව් දින ජර්මන් නිල සංචාරය නිමා කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද උදෑසන යළි දිවයිනට පැමිණ තිබෙනවා.

ජනාධිපතිවරයා සමග එම සංචාරය සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයාද සහභාගී වුණා.

ඔවුන් අද උදෑසන 08:58ට දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බවයි නෙත් නිවුස් ගුවන් තොටුපොළ වාර්තාකරු පැවසුවේ.

මේ අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජර්මන් සංචාරය අතරතුරදී එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන්ද මුණගැසී තිබෙනවා.

එම අවස්ථාවේදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකාවට ණය ලබා දුන් රටවල් සමග මේ වන විට සම්මුතියකට එළඹ ඇති බවයි.

මේ තුළින් ආර්ථිකයේ ප්‍රධානතම හැරවුමක් සනිටුහන් කළ හැකි බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසුවේ.

මේ එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා.