Published
බොරලැස්ගමුව පොලිස් වසමේ මාලනී බුලත්සිංහල මාවතේදී සිදු වූ වෙඩි තැබීම සම්බන්ධයෙන් බොරලැස්ගමුව පොලීසිය මගින් මේ වන විට විමර්ශන ආරම්භ කර තිබෙනවා. අද අලුයම 12යි 30ට පමණ සිදුවූ මෙම වෙඩි තැබීමෙන් එක් පුද්ගලයෙකු ජීවිතක්‍ෂයට පත් වී තවත් පුද්ගලයෙකු තුවාල ලැබුවා. එලෙස ජීවිතක්‍ෂයට පත්ව ඇත්තේ 21 හැවිරිදි පන්සල පාර, ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. වෙඩි වැදීමෙන් තුවාල ලැබූ අනෙක් පුද්ගලයා කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලීසිය පැවසුවේ. සංගීත සංදර්ශනයක් නැරඹීමට පැමිණ නැවත නිවස වෙත පැමිණෙමින් සිටින අවස්ථාවේදී ත්‍රීරෝද රථයකින් පැමිණි පුද්ගලයෙකු විසින් ඔවුන්ට එලෙස වෙඩි තබා තිබෙනවා. වෙඩි තැබීම සඳහා රිවෝල්වර අවියක් යොදාගෙන ඇති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මක බවයි පොලීසිය වැඩිදුරටත් පැවසුවේ.