පවතින අයහපත් කාලගුණය තත්ත්වය හමුවේ අද (29) සවස දුම්රිය ධාවන කාල සටහන නිවේදනය කර තිබෙනවා

ඒ අනුව දුම්රිය ධාවන කටයුතු පහත පරිදි සිදු කිරීමට ඔවුන් සැලසුම් කර ඇත.

කැලණිවැලි දුම්රිය මාර්ගය

01. කොළඹ කොටුව - පාදුක්ක දක්වා ප.ව.04.25- මන්දගාමී

මුහුදුබඩ දුම්රිය මාර්ගය

01. මරදාන - අළුත්ගම දක්වා ප.ව.04.00 - මන්දගාමී

02. මරදාන - ගාල්ල දක්වා ප.ව.05.25 - මන්දගාමී

03. මරදාන - අළුත්ගම දක්වා ප.ව.06.00 - මන්දගාමී

පුත්තලම දුම්රිය මාර්ගය

01.කොළඹ කොටුව - මීගමුව දක්වා ප.ව.4.30 - මන්දගාමී

02. මීගමුව - කොළඹ කොටුව දක්වා ප.ව. 06.40 - මන්දගාමී

ප්‍රධාන දුම්රිය මාර්ගයේ සහ උතුරු දුම්රිය මාර්ගයේ අද දින සවස කිසිදු දුම්රියක් ධාවනය නොවන අතර සියලුම දුම්රිය මාර්ගවල දුරගමන් සේවා සීඝ්‍රගාමී/ නගරාන්තර හා රාත්‍රී තැපැල් දුම්රියන් අද දින ධාවනය නොවේ.