Published
පොලිස් සහතිකය ලබාදීම සඳහා ග්‍රාම නිලධාරිවරයාගේ සහතිකයට අමතරව අදාල ප්‍රදේශයේ මහජන කමිටු ප්‍රධානියාගේ සහතිකය අවශ්‍ය බවට ජාතික පුවත්පතක පළ කර තිබූ වාර්තාව අසත්‍ය බවත් ඊට එරෙහිව අදාල අංශ මගින් නීතිමය පියවර ගන්නා බවත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
අදාල පුවත්පත් වාර්තාව සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද එහිදී අදහස් පළ කළා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා.
මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ද මෙම සංවාදයට මැදිහත් වුණා.



