බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ සිදුකළ සෝදිසි මෙහෙයුම් 72කදී ජංගම දුරකථන 133ක් ඇතුලු තහනම් භාණ්ඩ රැසක් සොයාගත් බව පොලීසිය පවසනවා.
මෙම වසරේ ජනවාරි පළමුවනදා සිට ඊයේ දිනය දක්වා වූ කාලය තුළ එම වැටලීම් සිදුකර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ.
ඒ අනුව සිම් කාඩ්පත් 159ක්, දුරකථන චාර්ජර් 110, ඩේඩා කේබල් 122ක්, හෑන්ඩ් ෆ්‍රී 56ක් සහ ජංගම දුරකථන බැටරි 12ක් සොයාගත් බවද පොලීසිය පැවසුවා.
එමෙන්ම හෙරොයින් ග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 850ක්, දුම්කොළ ග්‍රෑම් 40යි මිලිග්‍රෑම් 12ක් සහ දුම්වැටි කොටස් 12ක් ද එහිදී සොයාගෙන තිබෙනවා.
මේ අතර පසුගිය 24 වනදා ද බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ විශේෂ අංශයේ සිරමැදිරි හා භූමිය සෝදිසියට ලක් කළ බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවා.
ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ බූස්ස සහ ගාල්ල කඳවුරුවල නිලධාරින් බන්ධනාගාර හදිසි ප්‍රතිචාර හා උපක්රමික ඒකකයේ නිලධාරින්ගේ සහාය ඇතිවයි.
එහිදී ද නවීන පන්නයේ දුරකථන 02ක්, ඩේඩා කේබල් 03ක් ඇතුලු තහනම් භාණ්ඩ කිහිපයක් සොයාගත් බවද පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් පැවසුවා.




