Published
අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ සිදු කිරීමට නියමිතයි.
ඒ, මහනුවර නිත්තවෙල, පවුලේ සුසාන භූමියේදීයි.
හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පසුගිය 15 වනදා අභාවප්‍රාප්ත වුණේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයි.
අභාවප්‍රාප්ත වන විට ඒ මහතා 57 වන වියේ පසුවුණා.
ලොහාන් රත්වත්තේ මහතා කලක් මැණික් හා ස්වරණාභරණ මෙන්ම බන්ධනාගාර කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ධුරය දරනු ලැබුවා.
මේ, හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ අවසන් කටයුතු පිළිබඳ තොරතුරු ගෙන එන නෙත් නිවුස් මහනුවර වාර්තාකරු කමල් සුරවීර.



