ලංකා විදුලිබල සංශෝධන පනත ක්‍රියාත්මක කරමින් පිහිටුවන ලද පූර්ණ රාජ්‍ය හිමිකාරීත්වය සහිත සමාගම් 04කට සේවකයින් සම්බන්ධ කිරීම අරඹා ඇති බව බලශක්ති අමාත්‍යාංශය පවසනවා.
ඒ අනුව, ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින්ගෙන් කොටසක් තමන් ඉහත පරිදි පිහිටුවන ආයතනවලට සම්බන්ධ වීමට කැමැත්ත පළ කරමින් ලිපි ලබාදීමට කටයුතු කළ බවයි බලශක්ති අමාත්‍යංශය පැවසුවේ.
ලංකා විදුලිබල මණ්ඩල මූලස්ථානයේදී මෙලෙස කැමැත්ත පළ කිරීමේ ලිපි ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති මහාචාර්ය උදයංග හේමපාල මහතා වෙත ලබා දී තිබෙනවා.
2025 අංක 14 දරන ශ්‍රී ලංකා විදුලිබල පනත අනුව පිහිටුවන ලද පූර්ණ රාජ්‍ය හිමිකාරීත්වය සහිත ජාතික පද්ධති පාලන පුද්ගලික සමාගම, ජාතික සම්ප්‍රේෂණ ජාල සේවා සැපයුම් පුද්ගලික සමාගම, විදුලිබල බෙදාහැරීමේ ලංකා පුද්ගලික සමාගම සහ විදුලි ජනන ලංකා පුද්ගලික සමාගම යන සමාගම් 04ට ඒ අනුව ඉහත සේවක පිරිස් සම්බන්ධ කරනු ලබන බවයි බලශක්ති අමාත්‍යංශය වැඩිදුරටත් පැවසුවේ



