ලංකා විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති හෙට දිනයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්මික ශිල්පීන්ගේ සංගමයේ සභාපති කෝසල අබේසිංහ මහතා පැවසුවේ ජාත්‍යන්තර කම්කරු සංවිධානය විදුලි වෘත්තීය සමිති හෙට දිනයේ සාකච්ඡාවකට කැඳවා ඇති බැවින් සිය වැඩ වර්ජන ක්‍රියාමාර්ගය කල් දැමූ බවයි.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්මික ශිල්පීන්ගේ සංගමයේ සභාපති කෝසල අබේසිංහ මහතා.