ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන බංග්ලාදේශ සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඊට ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත්. ඊට වසර දෙකකට ආසන්න කාලයකට පසු පළමු වරට එබඩොට් හොසේන් නැවත කැඳවා තිබීම විශේෂත්වයක්.

වේගපන්දු යවන ක්‍රීඩක ටස්කින් අහමඩ් හට තරගාවලියට එක්වීමට නොහැකිවනු ඇති බවට වාර්තා වන්නේ ඔහුගේ ආබාධය මෙතෙක් සුව නොවීම හේතුවෙන්.

බංග්ලාදේශ කණ්ඩායම ජුනි 13 වන දින ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.

දෙරට අතර පළමු ටෙස්ට් තරගය ජුනි 17 වන දින ගාල්ලේදී පැවැත්වෙනු ඇති.

දෙවන ටෙස්ට් තරගය ජුනි 25 වන දින කොළඹ එස් එස් සී ක්‍රීඩා පිටියේදී පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.

ටෙස්ට් තරගවලින් පසුව දෙරට අතර එක්දින තරග තුනක් සහ විස්සයි 20 තරග තුනක් පැවැත්වෙනවා.

තරගාවලිය ජූලි 16 වන දින තෙක් ක්‍රියාත්මකයි.