ෆෝන් එක දැන් ගොඩක් දෙනෙකුගේ ජීවිතය වගේ.

එහෙත් අතේ තියාගෙන ඉන්න ෆෝන් එක නිසා අමාරුවේ වැටුණු ගොඩක් දෙනෙකු ගැන පසුගිය අවුරුද්දේ වාර්තා වුණා.

අලුත් අවුරුද්දේදීත් අතේ තිබෙන උපකරණයකට ඔබේ ජීවිතේ වටිනා දේවල් අරන් යන්න ඉඩ දෙනවාද?

නෙත් නිවුස් මේ උත්සාහය ෆෝන් එකෙන් ඔබ සොයා එන අනතුරුවලින් ඔබව ආරක්ෂා කිරීමටයි.

ඒ, ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජේ්‍යෂ්ඨ තොරතුරු ආරක්‍ෂණ ඉංජිනේරු චාරුක දමුණුපොල මහතා.

අන්තර්ජාල අනතුරුවලින් අපට බේරෙන්න ක්‍රමයක් නැද්ද?

පහුගිය අවුරුද්දේ අන්තර්ජාලය නිසා මෙරට මිනිසුන් අමාරුවේ වැටුණේ මෙහෙමයි.

අන්තර්ජාලය ඔස්සේ ලැබෙන හැම පණිවිඩයක්ම ඇත්ත පණිවිඩ නොවන බවයි මෙහිදී අවධාරණය කෙරුණේ.

ගත වූ 2025 වසර තුළ සයිබර් ආරක්‍ෂාව පිළිබද ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට ලැබී තිබූ පැමිණිලි සංඛ්‍යාව 12,650ක්.

එය 2024 වසර හා සසදන විට මාර්ගගත වංචා, ඩිජිටල් වංචා සහ සයිබර් හිරිහැරවල සැලකිය යුතු වැඩිවීමක්.